Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Final Episode | 04th June 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Director : Saranga Mendis Producer : Chamika Mendis Script Writer : Saman Edirimuni Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane, Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis #finalepisode
ADVERTISEMENT
දෙවනි ඉනිම බලලා කතාව දිග වැඩි හින්දා බලන එක නතර කරලා අන්තිම Episode එක බලන්න ආපු කට්ටිය කො ❤😊❤
අනුහස්ට යි අවන්තයාටයි tnx කරන්නඕනේ ඩ්‍රාමා එක ඉවරවෙනකල් හිටියට❤❤❤
දෙවෙනි ඉනිමෙන් ගහපු සින්දු ටික නම් සුපිරි🙌🏻🥳
මයික් ,චබී,අනුහස් ,රනේ , අවන්ත ,දෙව්මි ,සමල්කා ,ආක්ශා කතාව ලස්සන කරපු චරිත 🙂❤️❤️
දෙවෙනි ඉනිම මුලදි පිස්සුවෙන් බලලා කතාව දිග වැඩි නිසා මඟින් හැලිලා ආයෙත් අවසාන කොටස බලන්න ආව අය කෝ...🥴
මොන තරම් කතාව දිග උනත් සාර්තක අවසානයක් ❤
මොන උනත් අපේ ජිවිතේ ලස්සනම කාලේ ගෙවිලා ගියා මේ කතාවත් එක්කම 🥺
අවුරුදු හතරකට විතර කලින් කතාව බලන එක නවත්තලා season 1 එකේ final එකයි අදයි බලන්න ආවේ කවුද😂❤❤
පටන් ගත්තේ 5 වසරෙන් දැන් A/L liyana set eka ko
දෙවනි ඉනිමේ ගහපු සින්දු ටික නම් සුපිරි ......................❤️
අන්තිම එපිසෝඩ් එක විතරක් බලන්න ආපු මං වගෙ අය ඉන්නවද 🥲
අවසන් කොටස මීට වඩා තවත් ලස්සන වෙන්න තිබ්බා පරණ නළු නිළියන්වත් ගෙන්නලා කරා නම්.❤❤❤
අවුරුදු 9ක් ❤ අන්තිම ටික බලද්දි නම් ඇඩුනා සිරාවටම 😩
තමන්ගේ බෑනලා දෙන්නගෙම ජිවිතේ හරි පාරේ ගිනියපු වීරයා තමයි "ආනන්ද මාමා " ❤❤❤
කලින් season එකේ music ඇහෙන කොට, හරි දුකක් වගේ දැනෙනවා 🥺❤️
අන්තිම ටික බලලා කදුලු ආපු අය කෝ බල්න්න 😢😓
2017 පෙබරවාරි මාසේ ඉදලා 2026 ජුනි මාසේ වෙනකන් අවුරුදු 10 ක ආසන්න කාලයක් හැම විදිහෙම හොද නරක comments එක්ක ඉස්සරහට ආපු drama එකක්. මුල් කාලේ ලංකාවේ Popular ම Drama එක වුණා. රගපාපු අය award ගත්තා. Award Ceremony වල උඩින්ම තිබ්බා. ඉස්සරහට එද්දී කතාව දිග්ගැසුන එක drama එක මිනිස්සුන්ට එපා වෙන්න ලොකු හේතුවක් වුනා. කොහොම වුනත් ලස්සන තේමාවකට පටන් ගත්ත දෙවෙනි ඉනිමේ අනුහස් - උදේනි චරිත දෙකෙන් අම්මා කෙනෙකුගෙයි පුතෙකුයි බැදීම ලස්සනට පෙන්නුවා. ආනන්ද කියන චරිතෙන් මාමා කෙනෙක්ගෙගේ ආදරේ පෙන්නුවා. අනුහස් - අවන්ත, අනුහස් - දෙවුමි, දෙවුමි - ධනුක, රොෂාන් - සමාධි, කසුනි - සහන්, ජෙගන් - සාරා කියන චරිත වලින් ලස්සන සහෝදර බැදීම් ටිකක් පෙන්නුවා. අනුහස් - සමල්කා, අනුහස් - ආක්ෂා, අවන්ත - දෙව්මි, රදීෂ් - ලිහිණි වගේ චරිත වලින් drama එක තව ලස්සන වුනා. Drama එක නිසාම Anuksha, Roween, Dewantha, Rashli වගේ Couples වලට වෙන් වුන fan bases වෙන වෙනම හැදුනා. කාලෙන් කාලෙට චරිත මාරු වුනා. තිබ්බ සමහර චරිත වෙන නලු නිලියන්ගෙන් Replace වුනා. ලිහිණි character එකට Shalini Fernando ලොකු සාධාරණයක් කලා. ඊට පස්සේ Replace වුන දෙන්නත් චරිතේ වෙනුවෙන් උපරිම සාධාරණයක් කලා. Roshel කතාවෙන් අයින් වුනාට පස්සේ ආයේ Main Character එක විදිහට Thathsarani Piyumika කරපු සමාධිගේ character එකෙන් season 2 ලස්සන වුනා. Season 2 එකේ හිටපු බිමල්, රසිකා, ජෙගන්, අමන්දා, සහන්, කසුනි, සාරා, ආරන්‍යා, රොෂාන්, සිසිර, ශෙහාන් වගේ අලුත් චරිතත් කතාව ලස්සන කලා. කොහොම වුනත් දෙවෙනි ඉනිම ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ කවදාවත් අමතක නොවෙන කතාවක් වෙයි. ඇත්තටම drama එකේ අන්තිමට තිබුන කතාව හරියට ම හරි. කාලයක් තිස්සේ ලංකාවේ තිබ්බ විදෙස් ටෙලිනාට්‍ය ආධිපත්‍යය බිදලා දැම්මේ මේ drama එක. ඒ වගේම ලංකාවේ අදටත් record එකක් තියපු දිගම drama එක. ඒ වගේම මේ කතාවෙන් දීපු Songs ටිකත් හරිම ලස්සනයි. Cross Over Episodes / Bonus Episodes කියන අද්දැකීම් ලංකාවේ කතාවකින් හොදටම දැක්කේ මේකේ. "අනුහස්ගේ කතාව" අදින් ඉවර වුනත් මේ කතාව හැමෝටම හොද මතක ටිකක් ඉතුරු කලා. සිත් යාය මත අපේ - මල් යාය යළි පිපේ... 2026/06/04 ❤️
සිත් යාය මත අපේ මල් යාය යළි පිපේ ✨️🩵
කොච්චර ලස්සනට තිබුන කතාවක්ද මේ. සමල්කා, අනුහස්, දෙව්මි, අවන්ත, චබී, මයික්, බෝයිස්කූල් එක, ගර්ල්ස්කූල් එක, ජූස් බාර් එක, ආනන්ද අන්කල්ගෙ ගරාජ් එක මේ හැමදේම පුදුම තරම් ලස්සන මතක. ඒ කාලෙ ඕලෙවල් ක්ලාස් එකෙදි කතා වෙන්නෙ කලින් දවසෙ එපිසෝඩ් එක ගැන. ඒව ලස්සන මතක. අදටත් ඒ පරන එපිසෝඩ් බලනව. මෙච්චර ලස්සනට තිබුන කතාවක ලස්සන ටික ටික අඩු උනා. අපි ආස චරිත එකින් එක අයින් උනා. කතාවට ගැලෙපෙන්නෙ නැති එක එක විකාර චරිත ගෙනාව. කතාවෙ කිසිම හරයක් නැති උනා. ඇත්තම කියනව නම් සමල්කා අයින් උන දවසෙ ඉදන් කතාව බැලුවෙම නැති තරම්. මගෙ මතෙ විදිහට මේ විදිහට විහිලුවක් වෙවී අවුරුදු 10ක් පුරා ඇදෙන්න ඕනි කතාවක් නෙවෙ මේක. මීට අවුරුදු ගානකට කලින් හරයක් එක්කම ප්රේක්ෂකයොන්ගෙ හදවතෙ හැමදාම තියෙන කතාවක් වෙන්න තිබුනා. මම හිතනව මීට පස්සෙවත් රූගත කරන දවසට කලින් දවසෙ පිටපත නොලියන, හැමදාම හදවතෙ තියෙන්න පුලුවන් හරවත් නිර්මාණ බිහිවෙයි කියල.❤
අද ඉදන් මතක පොතට එකතු විය...🥺❤️