Natath Ayek Sura Mathin (නටත් අයෙක් සුරා මතින්) | Episode 14 | 31st May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZbuvSG1ia9F6DmEyeK0l5Yl 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #NatathAyekSuraMathin #නටත්අයෙක්සුරාමතින් #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
වාරයේ අහිමු වූ ප්‍රේමය අවාරයේ අහම්බෙන් හමු වුවද වසන්තයනම් යළිත් නොඑන බව සත්තයි..😥❤️
මේ කෝච්ට ඉන්න නලුවා ටෙලි නාට්‍යවල වගේම සිනමාවේත් අති දක්ෂ නලුවෙක්. ජනප්‍රිය sms රැලි සම්මාන නිසා නිසි ඇගයීමකට සම්මානයකට පාත්‍ර නොවන අති දක්ෂයෙක්❤
ළමා නළුවා නම් ලද්දු තරම්ම විශිෂ්ටයි
තඩියා අයියට කැමති අය මේ කොනට😊😊😊
තඩිය හොද යලුවෙක්❤
දොරකඩ දෙවොල හා පට්ටි ගෙදර පසුකර නටත් අයෙක් සුරා මතින් ඉදිරියට🎉🎉🎉🎉🎉
මමනම් ආසම කෝච්ට. පොරගෙ ඇත්තම රස්සාව හොරෙන් විඩියෝ කරලද මන්දා...😅
බිම්සරා ප්‍රේමරත්න මහත්මියගේ රංගනය අතිවිශිෂ්ඨයි....👊
ලද්දුගෙයි ශානිකාගෙයි කාර් එක ඇතුළෙ සංවාදයෙදි ලද්දුගෙ ප්‍රතිචාරය සීයට සීයක් හරි. ලද්දු එහෙම නොකර බුරුලක් දුන්නා නම් වෙන්නෙ පවුල් දෙකක විනාශයෙ ආරම්භයට පදනම වැටෙන එක. එහෙම වෙන්න නොදී ඒක ලද්දු ඒක බැලන්ස් කරන විදිහ හරිම රියැලස්ටික්. සාමාන්‍යයෙන් ගැහැනියක් තමා ඕක බැලන්ස් කරන්නේ ඔය විදිහට. ලද්දුගේ හිත කියවන එක මේ වෙලාවේ හෙන සංකීර්ණ වැඩක්. හැබැයි මිනිහා එළියෙන් සෑහෙන consciously දේවල් හැන්ඩ්ල් කරනවා....
මට තියෙන ලොකුම ප්‍රශ්නෙ,,ආයෙ මේකෙ ඊලග කොටස බලන්න සතියක් ඉන්න ඕනෙ නේද😢
😂😂කතාව කොයිතරම් කට්ටියගෙ හදවත් ස්පර්ශ කරලද කියල හොඳටම තේරෙනව දාල තියන කමෙන්ට් වලින්.ඒකෙ වැරැද්දක් නෑ.හොදදේට හොදයි කියන්නම ඕන.කාලෙකට පස්සෙ අපේ ජීවිත අස්සෙ හැංගිලා තියන ඇතුලාන්තය අපේම ඇස් ඉස්සරහ රගපෑම් කරන දිහා බලාන ඉදල අපි අපිටම කමෙන්ට් දාගන්නව.
මෙහෙමයි මචන් ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ හැබැයි ඇත්තටම හදවතින් ආදරේ කරපු කෙනෙක් වෙන්වෙලා ගියත් කොහේ හිටියත් සතුටින් හොදින් ඉන්න ඕනි කියලා තමයි හිතෙන්නෙ එහෙම කෙනෙක් අවුරුදු ගානකින් පරාජිතයෙක් වගේ හම්බ උනාම පුලුවන් දෙයක් කරන්න උත්සාහ කරන්න හිතෙන එක ආදරේ මචන්.අත්දැකීමෙන් කියන්නෙ ඒ පවුල කඩන්නවත් ඒ මිනිහා එක්ක වෙන දෙයක් කරන්නවත් නෙවෙයි. ශානිකාත් එහෙම වෙන්න ඇති
දෙයක් ලියන්නම හිතුනා..කොල්ලා තාත්ත්ට පට්ට ආදරේ...ජොබ් එක හරි කිව්වම ඇස් දෙකේ හිනාව..❤❤❤❤❤❤
ලද්දු කොන්ද පණ තියන පිරිමියෙක් එකම වරද බොන එක
ලද්දු ගේ නික්ම යෑම ශානිකා ගේ වසනාව ,නන්දිගේ අවසනාව, බීගෙන දගලන පිස්සෙක් එක්ක ජීවත් වෙන්න වෙනම energy එකක් තියෙන්න ඕනේ,
නිලන්තයා අවස්තාවාදියි ඌටම ගැලපෙන උගේ ලෝචී 😂
ශානිකා සහ ලද්දු අතර ප්‍රේමයේ ගැඹුර තේරුම් ගන්න පුලුවන් ශානිකාගේ මතක ආවර්ජනයෙන්. ඊට පස්සෙ කියනවා ලද්දු තමයි. එයාව අතහැරලා නන්දිව බැන්දෙ. ඒ කියන්නෙ ලද්දු ශානිකාට බූට් තියලා. ශානිකාට හිත හදාගන්න කාලයක් ගියා කියලත් තැනකදි කියනවා. දාලා ගිය කෙනාට වඩා තනිවුන කෙනා විඳවනවා වැඩියි ශානිකා ආර්ථික පැත්තෙන් ලද්දුට වඩා ඉදිරියෙන් දැන් ලද්දුට ආපහු හැරෙන්න බෑ උදව් ගන්නත් බෑ මොකද ආත්ම අභිමානය නිසා. ඕක තමයි ගැටුම. ලද්දු බැංකුවෙදි ශානිකා ඉදිරියෙ පොඩ්ඩක් අසරණ වුන නිසා තමයි ශානිකා ඉදිරියෙ ලද්දු අර විදියට හැසිරුනේ. එයාට පොඩි ආත්මානුකම්පාවක් වගේ එකක් දැණිලානේ... මොනා වුනත් ලස්සනම කතාවක් 👌👌❤️
දෙමව්පියන්ගේ ප්‍රශ්න දරුවන්ට ඝෘජුවම බලපාන විදිය මෙි කතාවෙන් හොඳට පෙන්වනවා.
ජොබ් එකක් නැති උනාට ලද්දුට බොන්න නම් හැම වෙලාවෙම සල්ලි තියෙනවා 😂😂
family life ඉතා සියුම් තැන් ස්පර්ශ කරනවා ...මාරයි